එන්නත්කරණ වැඩසටහනෙහි ප්‍රගතිය හා ඉදිරි තත්ත්වය පිළිබද සාකච්ඡාවක්

මාතර දිස්ත්‍රික්කයේ එන්නත්කරණ වැඩසටහනෙහි ප්‍රගතිය හා ඉදිරි තත්ත්වය පිළිබද සාකච්ඡාවක් ගරු අමාත්‍ය දිස්ත්‍රික් නායක ඩලස් අලහප්පෙරුම මහතාගේ සහ ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින (13) පැවැත්විණි.

සාකච්ඡාව ආරම්භ කරමින් ගරු අමාත්‍යවරයා ” විද්‍යාත්මකව ද, විනයානුකූලව ද, සංවිධානාත්මකව ද, එමෙන්ම බිම්මට්ටමේ සිට අත්‍යාවශ්‍ය රාජකාරීන්හි නියැලෙන සියලුම රාජ්‍ය හා පෞද්ගලික සේවකයින් ආවරණය කරමින් ද, මාතර දිස්ත්‍රික්කය තුළ එන්නත්කරණය සදහා කැපවුණු දේශපාලන අධිකාරියට, පරිපාලන අධිකාරීන්ට, සෞඛ්‍ය අධිකාරීන්ට, සෞඛ්‍ය අධිකාරීන්ට සහ ආරක්ෂක අංශයන්ට රාජ්‍යයේ නොමඳ ස්තූතිය සහ ගෞරවය පිරිනමන බව කියා සිටියේය.

“එම සාකච්ඡාවේදී ගත් තීන්දු තීරණ අතර,

🟥 පසුගිය එන්නත්කරණ වැඩසටහනේ දී ඇතිවූ පරිපාලනමය ගැටලුවක් හේතුවෙන් එන්නත් අහිමිව ගිය හිත්තැටිය නැගෙනහිර කොට්ඨාසයේ පුරවැසියන් අටසියයකට අධික පිරිසට අවශ්‍ය එන්නත් ලබා දීමට ප්‍රමුඛතාවය ලබා දීම.

🟪 දිස්ත්‍රික්කයේ වැඩිහිටි නිවාස තුළ ජීවත් වන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට හා දිස්ත්‍රික්කය තුළ සිටින ගැබිණි මාතාවන්ට, අත්‍යාවශ්‍ය රාජකාරීන්හි නියුතු පසුගිය වතාවේ එන්නත්කරණ වැඩසටහන තුළින් අවස්ථාවක් නොලැබුණු රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බැංකු සේවකයින් ඇතුළු අත්‍යාවශ්‍ය රාජකාරීන්හි නියුතු රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ට එන්නත් ලබා දීමට අවශ්‍ය පියවර ගැනීම.

පවත්නා සංචරණ සීමා නීතීන්ට අනුකූලව සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මැතිතුමන්,දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති නිපුණ රණවක මහතා, පා.ම. වීරසුමන වීරසිංහ මහතා, පා.ම. කරුණාදාස කොඩිතුවක්කු මහතා, දිස්ත්‍රික් මහ ලේකම් තුමා ඇතුළු පරිපාලන ප්‍රධානීන්, සෞඛ්‍ය අංශ ප්‍රධානීන්, පොලිසිය ඇතුළු හා ආරක්ෂක අංශ ප්‍රධානීන් සහභාගී විය.

Leave a Reply