කොවිඩ් තුරන් කරමු

කොවිඩ් වසංගතය හමුවේ
දැඩි සත්කාර ඒකකයට නොගිහින් ජීවිතය බේරාගන්නේ කෙසේද? ….

දිනෙන් දින වාර්තා වන දෛනික ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යමින් පවතී.
මේ තත්වය දිගටම පැවතුන හොත් මරණ සංඛ්‍යාව ද ඉතා ඉහළ යනු ඇතැයි වෛද්‍ය විශේෂඥයින් දැනටමත් අනතුරු හඟවා ඇත.

රෝහල් ධාරිතාව ඉක්මවා ගොස් ආසාදිතයින් නිවෙස් වල රඳවන තත්වයක් උදාවී තිබේ. දැඩි සත්කාර ඒකක වල ඇඳන් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන නිසා රෝගීන් ගේ ජීවිත අවදානමට ලක් වන අවස්ථා ද වාර්තා වේ.

එසේම රෝගයේ පැතිරීම වැඩි නිසා පරීක්ෂණ ප්‍රමාදය හා මගහැරීම් සිදුවීම ද බහුලව සිදුවේ. මේ සියල්ලේ ප්‍රතිඵලයක් ලෙස,

  1. ආසාදිතයින් නිවෙස් වල තබා ගැනීමට සිදුවීම
  2. නිවසේ සිටින අනෙකුත් අයට ද රෝගය ආසාදනය වීම
  3. රොගීන් නිවෙස් තුළම බරපතල තත්වයට පත්වීම
  4. සමහර විට රෝගීන් නිවෙස් තුළ මරණයට පත්වීම සිදුවිය හැක. ඔබේ අවට සිටින ඕනෑම කෙනෙක් කොවිඩ් ආසදිතයෙක් විය හැකිය. කොවිඩ් ආසාදනය වී රෝග ලක්ෂණ ඇතිව හෝ නැතිව සිටින පුද්ගලයින් ගේ ශරීර ප්‍රතිශක්තිය නිසි ලෙස පවත්වා ගැනීම ඉතාම වැදගත්ය. ආශ්‍රිතයෙකු බව දැනගත් පසුව පීසීආර් පරීක්ෂණයකට ලක් කරන්නට දින දෙකක් ගත වේයැයි උපකල්පනය කළ හොත් එහි ප්‍රතිඵල ලැබීමට ද තවත් දින දෙක තුනක් ගත වේ. එසේම ප්‍රතිඵලය ධනාත්මක නම් රෝහලකට යැවීමට ද තවත් දින දෙකක් ගත වේ. මේ අනුව මේ ක්‍රියාවලියට අවම වශයෙන් ගතවන කාලය සතියකි. සාමාන්‍යයෙන් දින 10 ක් වුවත් ගත වීමට ඉඩ තිබේ. මේ කාලය තුළ රෝගය වෙනත් අයට පැතිරීම මෙන්ම රෝග ලක්ෂණ බරපතල වීම ද සිදුවිය හැකිය. එනිසා මෙම දින කිහිපය තුළ ලැබෙන ප්‍රතිකාර මගින් ආසාදිතයෙකු ගේ තත්වය බරපතල නොවී තබා ගැනීමට හැකි වනු ඇතැයි අනුමානයක් තිබේ. යම් පුද්ගලයෙකු ආශ්‍රිතයෙක් වූ අවස්ථාවක රෝහල් ගත කිරීමක් දක්වා නිවසේ රැඳී සිටින අවස්ථාවක රෝගය බරපතල නොවීම හා අන් අය ආරක්ෂා කරගැනීම සඳහා පිළිපැදිය යුතු සෞඛ්‍ය උපදෙස් හා දේශීය වෛද්‍ය ප්‍රතිකාර කිහිපයක් පහත දැක්වේ.

*පොදු ප්‍රතිකාර …….

*බස්නාහිර පලාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් බෙදා දෙන ගුඩූච්යාදී චූර්ණය තේ හැඳි භාගයක් උණුවතුරෙන් දිනකට තුන් වරක් පානය කරන්න .

*කැස්ස ඇති විට

ඇඹුල් දොඩම්, ඉඟුරු ඉස්ම, සීනි, මීපැණි ඉස්ම 4:3:2:2 අනුපාතයට මිශ්‍ර කොට සාදාගත් ද්‍රාවණය බෝතලයක දමා තබා ගෙන දිනකට තුන්වරක් තේ හැඳි එකක් බැගින් පානය කරන්න .

*උගුරේ සෙම පැටලීමට ….

ගම්මිරිස් හා ලුණු කුඩු උණු වතුරට දිය කර දෙහි ඇඹුල් දමා උගුර සෝදන්න

*වේදු පෑමට …..

දෙහි කොළ, දෙහි ලෙලි, යකිනාරන් කොළ, කොත්තමල්ලි, නික කොළ, කප්පරවල්ලිය, ඉරිවේරිය, මදුරුතලා වැනි දේ එකතු කොට වාෂ්ප මුට්ටිය සකස් කරගන්න. දිනකට වරක් හෝ දෙවරක් පාවිච්චි කරන්න.

*දුම්මල හෝ වෙනත් දුම් කුඩු වර්ග යොදා ගෙන දුම් කබල් වලින් රෝගියා සිටින කාමරය තුළ දුම් ඇල්ලීමෙන් වළකින්න.

*හිරු එළියට නිරාවරණය වන්න.
*හොඳින් වාතාශ්‍රය ලැබෙන පරිදි කාමරය සකසන්න.
*පෙනහළු වල හුස්ම රඳවා ගැනීමේ හැකියාව නිතර පරීක්ෂා කරන්න. ශ්වසන ව්‍යායාම වල යෙදෙන්න.
*බර ආහාර වලින් වැළකීම හා කැඳ වැනි සැහැල්ලු ආහාර ගැනීම කළ යුතුය. ඇඳ විවේකය අවශ්‍යය.

සැලකිය යුතු කරුණු …..

*මෙය කිසි සේත්ම කොවිඩ් රෝගයෙන් වැළකීමට හෝ ආසාදනයෙන් බේරී සිටීමට ප්‍රතිකාරයක් නොවේ.

*වෛද්‍ය පහසුකම් නොමැති අවස්ථාවක හෝ නිසි උපදෙස් හෝ ප්‍රතිකාර ලැබෙන තෙක් රෝගියෙකු රැකබලා ගැනීමේදී කළ හැකි මූලික ප්‍රතිකාර පමණි.

*රෝහලකට යොමු කළ හැකි ප්‍රථම අවස්ථාවේ දීම රෝගියා නිසි වෛද්‍ය අධීක්ෂණය සහිත රෝහලකට යොමු කිරීමට පියවර ගත යුතුය.

*වෙනත් බරපතල රෝගාබාධ හෝ සංකූලතා නොමැති නම් දින 14 කින් පසුව රෝගියා පූර්ණ සුවය ලබනු ඇත.

*සෑම ව්ටෙකම හුස්ම ගැනීමේ අපහසුව ඇති බරපතල රෝග ලක්ෂණ සහිත රෝගීන් නිසි වෛද්‍ය පහසුකම් ඇති රෝහලකට යොමු කිරීමට උපරිම උත්සාහය ගත යුතුය.

•*මේ දක්වා කොවිඩ් රෝගය වළක්වන හෝ එයට නිශ්චිතව ප්‍රතිකාරයක් බවට ඔප්පු කළ නිෂ්පාදනයක් වෙළෙඳපොළේ විකිණීමට නැත. එබඳු නිෂ්පාදනයක් සඳහා රජය අනුමැතියක් ද දී නොමැත.

*ආසාදිතයෙකු හට යම් ආයුර්වේද උපදෙසක් අවශ්‍ය නම් ප්‍රදේශයේ ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නනිලධාරීන් අමතන්න.

මේ සම්බන්ධ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ දුරකතන අංක බස්නාහිර පලාත් ආයුර්වේද වෙබ් අඩවියෙන් ලබා ගත හැක.

Leave a Reply