කොවිඩ් හේතුවෙන් ඉස්පිරිතාල වාන් දමයි

කොවිඩ් වසංගතය නිසා අද රටේ ශෝචනීය තත්වය

මුලු ඇඳන් ගනන 33136
මුලු රෝහල් ගනන 224
රෝහල් ඇඳන් 90%ක් පිරී අවසන්.( රෝගීන් 30046)
ලංකාවෙම රෝගීන් 313769
ICU beds 81ම පිරිලා
මේවා නම් ඇත්ත සංඛ්‍යාලේඛන. ඡායාරූපත් ඇත්ත ඒවා. ගිහිල්ල බැලුවහැකි ඕන කෙනෙකුට.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ හේමන්ත හේරත් මහතා තමා ඒ සංඛ්‍යා පැවසුවෙ. රූපවාහිනි ප්‍රවෘත්ති (3දා)
.( ඒත් ලංකාවෙම රෝගින් සංඛ්‍යාව හා මරණ පෙන්වන සංඛ්‍යා ලේඛන නම් මෙසේ ඇත්ත නොවේ කියා කිවහැකි)
ඒ මහතා කියනවා….මෙසේ…

“දැනට ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් ඉඩ නැති නිසා වෙනත් step down රෝහල් වලට යොමුකරනවා.
එවැනි දෙයක් සිදුවෙනවා මිසක් රෝගීන් භාර කර ගැනීම සම්පූර්ණ යෙන් නතර කර නැහැ.”

ශ්‍රීලංකා වෛද්‍ය සංගමයේ සභාපති පද්මා ගුණරත්න මහත්මිය

“බස්නාහිර පළාතේ රෝගීන් ඉතාමත්ම සුලභව ඉන්නවා.රෝහල් පද්ධතියට දරන්න බැරි තරමටම රෝගීන් ලැබිල තියෙන්නෙ දැනටම..මේ තරම් රෝගීන් ප්‍රමාණයක් එනවිට අවධානය යොමු කරන්න වෙනවා රෝගීන් ජීවිතක්ෂයට පත්වීම වැලැක්වීමට හා අසාධ්‍ය බවට පත්කිරීම වැලැක්වීමට.
එන්නත් කරණය තමයි මෙයට තියෙන එකම ගැලවුම.”

අද තත්වය සමාලෝචනය කර බලමු.
දැනට ඇමතිවරු දෙදෙනෙකු නිරෝධායනයේ.
වෙන්නප්පුව පොලිසියේ පමණක් 19ක් ආසාදිත යි.
රෝහල්වල කාර්යමණ්ඩලවල බොහෝ දෙනෙකු ආසාදිතයි.
තව බැලූ බැලූ හැම තැන ආසාදිතයින්
ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීම බොහෝ තැන්වල නැවතිලා
රෝග ලක්ෂණ ඇති හැමෝටමත් පරික්ෂණ කරන්නෙ නැහැ. මැරෙන හැමෝටමත් නැහැ.
එනිසා සංඛ්‍යා ලේඛන වැරදියි. උදාහරණයක් ගෙන පෙන්වමි. කඩවත මහර ප්‍රදේශයේ පසුගිය දිනෙක මා පුද්ගලිකව දන්නා නිවාස දෙකක ළමයින්ද ඇතුලුව සාමාජිකයින් දස දෙනෙකු පමණ තදින් උණ ගැනී අසාධ්‍ය වූවා. එක් අයෙකුගේ කොවිඩ්පරීක්ෂණය සිදුකලේ ඇයගේ සේවා ස්ථානයේ ඉල්ලීම පිටයි.

ඇය පොසිටිව් බව තහවුරු වූ විට PHI මහතාට දැනුම් දුන්නා. දැන් නිවෙස් ප්‍රතිකාරය මිස රෝහල් ප්‍රතිකාරයට ගන්නේ අමාරු අය බව පවසා නිවසේ රැඳෙන්න කියා පමණක් දුරකථන උපදෙස් ලැබුණා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි මහතාත් කතාකලා….
දින දෙකක් ගියාම තුන්වන දිනයේ PHI කෙනෙකු පැමිණ ගේට්ටුවේ ලේබලයක් අලවා සනීපාරක්ෂාව ගැන වචන දෙක තුනක් කියා ගියා .එච්චරයි…..
දැනට කල හැකි උපරිමය තමා එය. අනික් 9 දෙනාට පරීක්ෂණ කලේ නැති නිසා ඔවුන් රෝගීන් වුවත් ‌තහවුරු වුනේ නැහැ. මෙවැනි දෑ හැම තැනම සිදුවෙනවා.
ඒවා සංඛ්‍යාලේඛන වලට එකතුවී නැහැ. අසීමිතව රෝගීන් සිටින නිසා PHI ට කරන්න දෙයක් නැහැ. එම රෝගී පිරිස හැඳුනුම් කම නිසා මගෙන් උපදෙස් පැතුවා.

රෝගීබව තහවුරු වුනු ඇයව වෙන්කර තැබීමට මමත් සියලුම උපදෙස් දුන්නා. උණ වැඩි වුවහොත් පැරසිටමෝල් ගැනීමටත් කැස්ස වැඩිවී හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් ආවොත්
1990 සුවසැරිය ගිලන්රථයට කතා කල යුතු බවටත් පැවසුවා. දැනට තත්වය එලෙස වුනත් ඔවුන් සිටින්නේ ඉතාමත් බියෙන්. මන්ද මෙය ඔවුන්ට ජීවිතය හා මරණය අතර ප්‍රශ්නයක්.

සමහරු සුවවෙනවා සමහරු මිය යන බව ඔවුන් දන්නවා. ඔවුන් බඩු ගන්නා කඩේ මුදලාලි සහ අසල් වැසියෙකුත් මියගියේ අකාලයේ නොහිතූ විදිහකටය

හෙට රටේ උද්ගතවිය හැකි තත්වය බලමු

රෝහල් කණිෂ්ඨ කාර්යය මණ්ඩලය ඉල්ලීම් 12 ක් ඉල්ලමින් වර්ජනයක් ආරම්භ කරන බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවා සංගමයේ ටැම්පිටියේ සුගතානන්ද හිමි පවසනවා.

“සියලු සාකච්ඡා බිඳවැටීම නිසා අපි අනිවාර්යෙන්ම පෙරට යනවා. දිගු පෙලපාලියකින් අත්සන දස ලක්ෂයක් ගනිමින් කොළඹ හිස් ගොඩක් පුරවන” බව උද්ඝෝෂක ප්‍රධානියෙකු පවසනවා. කරන දේ ගැන පැහැදිලි චිත්‍රයක් ඔවුන්ගේ සිත් වල තියෙනවා

ඒ වගේම තමයි කොවිඩ් වල ඩෙල්ටා අපිට කරන වින්නැහිය ගැන පැහැදිලි චිත්‍රයක් වෛද්‍යවරුන් වන අප කාගෙත් හිත් වල තියෙනවා.එම චිත්‍රය මෙසේය.

ඔන්න ජනගංගාව අතර වෛරසය විදුලි වේගයෙන් පැතිරෙනවා. උද්ඝෝෂකයින් ඇතුලු බොහෝ
ජනතාව රෝගී වෙනවා. පරීක්ෂණ කලොත් පොසිටිව් වෙනවා. නොකලොත් උද්ඝෝෂණයට පැමිණ ඔවුනුත් තව තව වෛරසය පතුරවනවා.

බොහෝ අය නිවෙස් තුලම අසාධ්‍ය වෙනවා. කෝල් කරාට PHI උත්තර නැහැ. බිසි.
කරන දෙය ඔන්න දන්නෙ නැහැ. ඉහ මොල රත්වෙන්නෙ එතකොට .. හුස්ම ගැනීමට බැරිවෙනවා . සුව සැරියට කතා කලත් එන්න බැහැ.. ඒ අයට වැඩ වැඩ….

කොහොමහරි රෝහලකට ගෙනාවත් ඊයේ ඇතුල් කල ඒවාට අද එහෙම දාගන්න.බැහැ. ඉඩ නැහැ.
වාට්ටු ඇතුලත් පිටතත්, කොරිඩෝව, ඔක්කොම පිරිලා, වැසිකිළියෙද දාන්නෙ? කෝ බලාගන්න සේවකයින් ඔච්චර?

ඉන්දියාවෙ වගේම පාරෙ ත්‍රීවීල් එකේම ඉන්න වෙනවා. හුස්ම අල්ලන්න බැරුව දඟලන කොට නෑයො බය වෙලා ඔක්සිජන් හොයලා ගෙවලා හරි ගෙනත් නහයට අල්ලනවා. ඒත් වැඩක් නැහැ. මරණ පිට මරණ පටන් ගන්නවා.

ඇඳන් තියෙනවා, ඔක්සිජන් ඇති තරම් තියෙනවා කියපු බලධාරීන් වගේම සටන දිනන තුරු
අනිවාර්යයෙන්ම පෙරට යනවා කියපු සටන් කරුවෝත් නගුට නවාගෙන හැංගෙනවා…..
රෝහල් පද්ධතිය බිඳ වැටෙනවා. බැංකු වහලා. පඩි. නැහැ. කඩ වහලා බඩු නැහැ. බැලූ බැලු අත මලමිනී. අපිට වඩා කෙරුම් කාර බැංකොක් වල අද තත්වය එහෙමයි. බ්‍රසීලය,ප්‍රංශය වගේම කැලිෆෝනියා ජනපදයේ අද එහෙම වෙලා. ලෝක ප්‍රවෘත්ති බලන්න.
විවාදයට තුඩු දෙන මේ හොර පනත් මේ ව්‍යසනය මැදම කඩිමුඩියේ ගෙනැත් මේ තත්වයට මුලපුරපු දේශපාලකයො මුකුත් නොදන්න තොත්ත බබාලවගේ ඉඳීවි.

ඔන්න අපේ , අපේ ආදරණීයයන්ගේ, දූදරුවන් ගේ , අවසානය.
මේ ඔක්කොම අවස්ථාවාදී වංචා කාරයෝය කිව්වත් වැඩක් නැහැ.වරද රජයේ කියමු….
ඒත් රජයට පුලුවනිද මැරුණු ඒ අයට යලි පණ දෙන්න. අපේ ආරක්ෂාව අපිම බලාගත යුතුව තිබුනා..
එන්නත් මාත්‍රා දෙකම ගත් අයටත් කොවිඩ් ඩෙල්ටා සෑදිලා නම් එන්නත් මාත්‍රා සම්පූර්ණ නොකල මේ ජන ගංගාව තුලත් පොදිකන බස් රථ තුලත් හඳුනා නොගත් කොවිඩ් රෝගීන් එක්කෙනෙකුවත් නැහැ කියලද අපේ උගතුන් හා බලවතුන් සිතා ගෙන සිටින්නෙ. ?
ප්‍රතිඵල වැඩි ඈතක නෙමේ. අද හෙටම පෙනේවි.

1914 දී මෙම රටට පැමිණි ටිබෙට් ජාතික ඇස් මහින්ද හිමි. එදා මෙසේ පැවසුවා….

“හිස් මොළ තිබෙත්දිත් මේ වග නොතකන්නේ

ඇස් ගෙඩි දෙකට හෙන ගහලද සිහලුන්නේ”

උපුටා ගැනීමකි…..

Leave a Reply