කෝටිපති පෙම්වතා ගැන අසේකා විජේවර්ධන දැන් කියන කතාව

ලංකාවේ ඉන්න අති දක්ෂ නර්තන ශිල්පීන් දේපලක් තමයි චන්න සහ උපුලී කියන්නේ. අසේකා විජේවර්ධන කියන්නේ ඒ දෙපලගේ ආදරණීය දියණිය. ඇයත් නර්තනය ගොඩක් දක්ෂයි. ඒ වගේම අසේකා කියන්නේ ගොඩක් සුන්දර තරුණියක්. ඉතින් අසේකා ඇයගේ හීනය පිලිබඳ අපිට කිවුවේ මෙහෙමයි. ”මම ඇත්තටම නර්තන ශිල්පිනියක් වෙන්න නෙවෙයි හිටියේ. ඒ කාලේ මම ගොඩක් ලැජ්ජයි. මට ඕන වුනේ නර්තන ගුරුවරියක් වෙන්න ඒත් ඒ හැම දේම වෙනස්වුනා.”

අසේකා ආදරේ පිලිබඳ සහ ඇයගේ සහකරු පිලිබඳ කිවුවේ මේ වගේ කතාවක්. ”මෙහෙමයි මම අම්මා තාත්තා එක්ක ආදරේ ගැන විවෘතව කතා කරනවා. අම්මයි තාත්තයි නිතරම කියන්නේ විවාහය ඉක්මන් කරන්න කියලා. මගේ අනාගත සහකරු විශේෂයෙන්ම කලාවට ආදරේ කරන්න ඕන ඒ වගේම මම කරන දේවල් වලට උදවු කරන්නත් ඕන මගේ අම්මටයි තාත්තටයි ගරුකරන්න්ත් ඕන” කියලයි.

මෙච්චර කාලයක් හිටියේ තනියම අසේකා දැන් පෙම්වතියක් ඒ අසේකාගේ පෙම්වතා වන ජනික් ජයසූරිය අසේකට විවාහ යෝජනාවක් කරලා. ඒක එසේ මෙසේ විවාහ යෝජනාවක් නෙවෙයි මොකද ඇයගේ කෝටිපති පෙම්වතා ඇයව එක්කගෙන එන්නේ හෙලිකොප්ටරයකින් එහෙම ආවා අසේකා සප්රයි වෙන විදියට සිංදුවකුත් කියලා ලඟට ඇවිල්ලා තමයි ඔහු ඇයට මුද්දක් දීලා විවාහ යෝජනාව කරලා තියෙන්නේ. මේ සිදුවීම සමාජ ජාලා හරහා දැකපු ගොඩක් අය අසෙකට සහ ඔහුගේ පෙම්වතාද සුබ පතලා තිබ්බා.

ඉතින් මේ සිදුවීම පිලිබඳ අසේකා කිවුවේ මේ වගේ කතාවක් ”ඇත්තම කියනවනම් මගේ ජීවිතේ මම වැඩියෙන්ම සතුටු වුන දවස තමයි ඒ, මට හිතාගන්න බැරිවුනා මම මොකද්ද කරන්න ඕන කියලා මම එච්චර සප්‍රයිස් වෙලා හිටියේ, මම හැමදාම හෙවුවේ මට ගොඩක් ආදරේ කරන කෙනෙක් අද මගේ හීනයක් හැබෑවෙලා” කියලයි,