දකුණු අප්‍රිකානු කාන්තාවක් ගිනස් ලෝක වාර්තාව බිඳ දමා – දරුවන් 10 දෙනෙකු බිහි කරයි !

ඊයේ දිනයේදී දකුණු අප්‍රිකානු කාන්තාවක් ළදරුවන් 10 දෙනෙකු බිහි කළ අතර පසුගිය මාසයේ මොරොක්කෝවේ දරුවන් නව දෙනෙකු බිහි කළ මාලියන් හලීමා සිසේ විසින් තැබූ ගිනස් ලෝක වාර්තාව ඊයේ දිනයේදී බිද දැමුනා. 37 හැවිරිදි ගොසියාම් තමාරා සිතොල් විසින් මෙම දරුවන් දහදෙනා බිහි කර ඇත. වෛද්‍ය ස්කෑන් පරීක්ෂණයේදී වෛද්‍යවරුන් විසින් මීට පෙර හඳුනාගත් දරුවන් ප්‍රමාණයට වඩා දරුවන් දෙදෙනෙකු ඇය විසින් බිහි කර ඇත. ඊයේ රාත්‍රියේ ප්‍රිටෝරියා රෝහලකදී තමයි මේ දරු උපත සිදු කර තිබෙන්නේ.

කොහොම නමුත් සිසේරියන් සැත්කමකින් පසු පිරිමි ළමයින් හත්දෙනෙකු හා ගැහැණු ළමයින් තිදෙනෙකු ප්‍රසූත කළ බව තමයි විදෙස් මාධ්‍ය වාර්තා කරලා තිබුණා. මීට පෙර හය හැවිරිදි නිවුන් දරුවන් සිටින සිතෝල් මීට පෙර ප්‍රිටෝරියා නිවුස් වෙත කියා සිටියේ සාරවත්බව සඳහා ප්‍රතිකාර නොකිරීම නිසා ඇගේ ගැබ් ගැනීම ස්වාභාවික බවය. ඊයේ රාත්‍රියේ මාධ්‍යට අදහස් දක්වමින් ඇය පැවසුවේ ගැබ්ගෙන සති 29 ක් ගත වූ පසු මෙම දරුවන් බිහි කිරීම සිදු වූ බවයි. වැඩිදුර ස්කෑන් පරීක්‍ෂණයට පෙර දරුවන් අටදෙනෙකු අපේක්ෂා කරන බව වෛද්‍යවරුන් විසින් මේ වසර මුලදී පැවසූ විට ඇය අවිශ්වාසයෙන් සිටි බව ඇය පැවසුවාය. තවත් දෙදෙනෙකු සිටි නිසා මුලින් හඳුනා ගැනීමට නොහැකි වූ බව සිතෝල් පවසලා තිබුණා.

“මගේ ගැබ් ගැනීම ගැන මම කම්පාවට පත් වෙනවා. එය මුලදී ගොඩක් අපහසු වුණා. මට අසනීප වුණා. ඒක මට අමාරු වුණා. එය තවමත් මට අමාරු නමුත් මම දැන් එයට පුරුදු වී සිටිනවා. මට තවදුරටත් වේදනාව දැනෙන්නේ නැහැ, නමුත් එය තවමත් ටිකක් අපහසුයි. මගේ සියලු දරුවන් නිරෝගී තත්වයකට ගෙන ඒමට මට උදව් කරන්න කියාත්, මා සහ මගේ දරුවන් ජීවතුන් අතර තබන ලෙසත් මම දෙවියන් වහන්සේට යාඥා කරනවා. මම ඒ ගැන සතුටු වෙනවා, ”යනුවෙන් ඇය පවසලා තිබුණා. ඉතින් ඇයට අපිත් හදවතින්ම සුබ පැතුම් එක්කරමු.

Leave a Reply