දරුවන්ට ආදරනිය අම්මෙ තාත්තෙ ..

විවිධ ගැටලු අතර, දරුවන් හා ෆෝන් සම්බන්ධයෙන් වූ අනේකවිධ ගැටලු රාශියක් ඈත.

 දරුවකු ඉපදුණ පසු ඒ දරුවාගේ විවිධ අවස්ථා පසු කරන්නට වන බව අපි දනිමු. කිරි පැටවුන් නින්දේදී සුරංගනාවන් සමඟ සිනාසෙන අයුරු බලන අපි ඔවුන් අප සමඟ සිනාවන මොහොත වන තුරු ඇඟිලි ගනිමින්, ළයට තුරුළු කර කිරි පොවමින් දරුවන් පෝෂණය කරමු. දරුපැටවුන්ගේ සිනා දකින අපි  ඔවුන්  දණ ගාන, ඇවිදින, කතා කරන තෙක් නොඉවසිල්වන්ත වෙමු. . ඇහිපිල්ලමක් ගසන මොහොතක් වුවද අනතුරකට අවස්ථාවක් බැවින් අපි දරුවන්ටම ඇස් ගසා සිටින්නෙමු.  දරුවන් අප මෙන් එක තැන හිඳ ගෙන සිටින්නට කැමැති නැති බැවිනි. ලෝකය අල්ලා ගනු වස් දරුවා නිරන්තරයෙන් දගකරින් වී. “අලියන්ට ළමයින්ට නලියන්නමයි හිත” යනුවෙන් වරක් කුමාරතුංග මුනිදාස මහතා ලියා තැබුවේ එහෙයිනි. එහෙත් අවාසනාවකට වර්තමානයේ දරුවන්ගේ මේ නලියන ගතිය ඇතැම් මවුපියකුට වදයකි. සමහරවිට මෙය කරදරයක් වන්නේ මවුපියන්ද අතිශය කාර්ය බහුල වෙන බැවිනි. එබැවින් කුඩා කල දරුවන්ගේ මේ ක්රියාකාරකම් නැවැත්වීමට මවුපියෝ විවිධ දේ දරුවන්ට දෙති. එකල නම් දරුවන්ට දුන්නේ සෙල්ලම් බඩුය. සෙල්ලම් බඩු සමඟ දරුවන් කොටුවකට දැමීමද මවුපියන් කරන එක් කාර්යයකි.. එයා නමුත් .

කුඩා මනසට  ඔරොත්තු නොදෙන බව අමුතුවෙන් කිව යුතු නොවේ. බලු පැටවකු වුවද කොටුවක සිටින්නට කැමැති නැත. සතකු වුවද කැමැති නිදහසේ සිටින්නට මිස කොටු වීමට නොවේ. වර්තමානයේ දරුවන් නලවා ගැනීමට ඇති පහසුම මාර්ගය වී ඇත්තේ මේ ජංගම දුරකථනයයි. දරුවාට බත් කැවීමට මෙන්ම මවුපියන්ගේ සියලු කටයුතු හමාර වන තුරු ඇතැම් දරුවන් සිටින්නේ දුරකතනය හෝ ටැබ් නැතිනම් ලැප්ටොප් සමඟය. එහි ඇති කාටුනයක් නැති නම් ගේම් සමඟ දරුවන්ගේ කාලය ගෙවෙයි. මේ තත්ත්වය ඉතා බරපතළ වී ඇත්තේ ඇතැම් සිඟිත්තන් ගේ කතාව නැවතී ඇති නිසාය. දරුවා ප්රතිචාර දක්වන්නේ දුරකතනයට පමණි. අම්මා තාත්තා යැයි දරුවා අප අමතන තෙක් අප බලා සිටියද දරුවා අම්මා තාත්තා යැයි හෝ වෙනත් වචනයක් පවසන්නේ හෝ නැත. බහ තෝරන වයස ක්රමයෙන් ගෙවී යන විටය මවුපියන් කරදරවීම පටන් ගන්නේ. ඒ වන විට විය යුතු දේ වී හමාරය. අවාසනාව නම් දුරකතනය නිසා කතාව නැවතී ඇති ඇතැම් දරුවන්ගේ මවුවරුන් රැකියාවක නිරත වන්නේ ද නැත. එහෙත් ඉතා පහසුවෙන් දරුවා රදවා ගැනීමට හැම මොහොතකම ඔවුන් භාවිතා කරන්නේ දුරකතනයයි. අසල්වාසීන්ගෙන් මෙන්ම ඥාතීන් සමඟද පවත්වන සම්බන්ධතා අඩු වීම තුළ, දරුවා සමඟ සමාජානුයෝජනය වන්නේද නැත. මවුපියන්ද ඔවුන්ගේ කටයුතුවලය.

දරුවාට කතා කරන්නට අයෙක් නැති තරම්ය. දරුවාට ඇසෙන්නේ නැති වචන දරුවා කතා කරන්නේ කෙසේද? කුසෙහි සිටියදීම දරුවා සමඟ කතා කරන්නයැයි අපට උපදෙස් ලැබෙයි. එහෙත් විවිධ හේතු මත දරුවන් ඉපදුණ පසුවද කතා කරන්නට අපට වෙලාවක් නැති වීම ඛේදවාචකයකි. දුරකතනය තුල දේවදූතයෝද යක්ෂයෝද සැඟව සිටිති. ඒ ගැන දරුවන්ට අවබෝධයක් ලබා දීම මවුපියන්ගේ යුතුකමය. එහි ඇති ප්රයෝජන ගැන දරුවන් දැනුවත් කරන්නා සේම එහි ඇති අවදානමෙන් දරුවා මුදා ගැනීම අප සතුව ඇති වගකීමකි. කළු සුදු මිනිසා විසින් නිපදවන දෑද කළු සුදු වන්නා සේම එය භාවිතා කරන අපිද කළු සුදු මනුෂ්යයෝ වෙමු. .

Leave a Reply