දිනක්ෂිවත් පුදුම කරමින් ඔවුන්ගේ අලුත් නිවස වෙනුවෙන් සාරංග මුල්ගල තබයි

කලාකරුවන් දෙපලක් වන සාරංග සහ දිනක්ශි පිළිබඳව අපේ අයට අලුතෙන් සඳහන් කරන්නට දෙයක් නොවෙයි. මොකද සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ වගේම විවිධ රූපවාහිනී වැඩසටහන ඔස්සේත් ඔවුන් පිළිබඳව බොහෝ විට සමාජය තුළ කතාබහට ලක්වෙනවා. බොහෝ විට ඔවුන්ගේ පුංචි පුංචි කාරණා පවා සමාජ මාධ්‍ය ජාලාවන් ඔස්සේ ඔවුන්ට ආදරය කරන ප්‍රේක්ෂක ජනතාව සමග බෙදා හදා ගන්නට දිනක්ෂිත් සාරංග නිරන්තරයෙන්ම යොමු වෙනවා. ඉතින් මේ ආකාරයෙන් ඔවුන් විවිධ වෙළඳ නාම ප්‍රචාරය කරන්නටත් ඔවුන්ගේ සමාජ මාධ්‍ය ජාලා භාවිතා කරනවා කියන කාරණාව රහසක් නෙවෙයි.

ඉතින් මේ ආකාරයෙන් ඔවුන් පසුගිය දවසක ඔවුන්ගේ අලුත් වැඩක් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමක් සිද්ධ කළා. ඉතින් සාරංග දිනක්ෂිව පුදුම කරන්න තමයි මේ වගේ දෙයක් යොදා ගන්නේ. ඔවුන්ගේ පුංචි දියණිය ඉපදුනාට පස්සේ දිනක්ෂි බොහොම ආදරයෙන් බලාගෙන හිටපු කාරණාවක් තමයි මෙලෙස සාරංග විසින් ඉෂ්ට කරන්නට යොමු වෙන්නේ. ඉතින් අලුත විවාහ වුණ යුවලකගේ ඉහලින්ම තියෙන බලාපොරොත්තුවක් තමයි ඔවුන්ගේම නිවසක් කියන කාරණාව. ඉතින් ඒ දේ දිනක්ෂිත් සාරංගත් බලාපොරොත්තු වෙලා තිබෙනවා. ඉතින් මේ වෙනුවෙන් ඔවුන් වැඩ කටයුතු තෝරාගෙන තිබෙන්නේ prime lands කියන ආයතනයත් සමඟ සම්බන්ධ වෙලා. ඉතින් ඔවුන්ට බොහොම අපූරු බිම්කඩක් තෝරාගන්නට මේ ඔස්සේ හැකියාව ලැබිලා තිබෙනවා.

ඉතින් පසුගිය දවසක ඔවුන්ගේ අලුත් ගෙදරට මුල්ගල තැබීමේ කටයුත්ත සිද්ධ වුණා. මේ අවස්ථාව තමයි සාරංග විසින් දිනක්ෂි පුදුම කරවන්නට කටයුතු සූදානම් කරලා තිබුණේ. ඉතින් දිනක්ෂිත් මේ පිළිබඳව කිසිදු කාරණාවක් පෙරදී දැනගෙන හිටියෙ නැහැයි කියලයි මේ වීඩියෝ පටයෙහි සටහන් වෙලා තිබුනේ. ඉතින් මේ අවස්ථාවට සාරංගගේ පවුලේ මව සහ දිනක්ෂිගේ පවුලේ සහෝදර සහෝදරියන් මව පියා ඇතුළු කිහිප දෙනෙක් සහභාගි වෙලා තිබුණු ආකාරය දැක ගන්නට ලැබුණා.

ඉතින් මේ වීඩියෝ පටයේ දී ඒ සියලු දෙනාගේම අදහස් දැන ගන්නටත් ඔවුන් කටයුතු කරලා තිබුණා. ඉතින් ඒ සියලු දෙනාම සඳහන් කරලා තිබෙන්නේ මේ අලුත් නිවස හදනකන් ඔවුන්ට ඉවසිල්ලක් නැතැයි කියන කාරණාව. අපූරු බිම් කොටසක් තමයි ඔවුන් මෙලෙස ඔවුන්ගේ සිහින නිවහන නිර්මාණය කරන්නටත් තෝරාගෙන තිබෙන්නේ.

ස්වභාවිකත්වයට මුල්තැන දීලා බොහොම නිදහසේ සැහැල්ලුවෙන් ජීවිතය ගත කරන්නට පුළුවන් තැනක් මෙලෙස තෝර ගත්ත එක පිළිබඳව ඇය හා සාරංගත් බොහොම සතුටෙන් පසු වන කාලසීමාවක් තමයි මේක. ඉතින් මේ නිවසට අපූරු පිහිනුම් තටාකයකිත් එන්නට නියමිතයි කියලා තමයි සඳහන් කරලා තිබුණේ. නමුත් අවසාන වශයෙන් අපට නම් සඳහන් කරන්නට තිබෙන්නේ මේ අපූරු කලාකරුවන් දෙදෙනා බලාපොරොත්තු වන සිහින නිවහන නිර්මාණය කිරීමේ කටයුත්ත අපූරුවට සාර්ථක වෙන්නට කියලා.

ඔවුන්ගේ මේ සියලු කටයුතු prime lands ආයතනය හා සම්බන්ධ වෙලා තමයි තිබෙන්නේ. ඉතින් නිවස ඉදි කිරීමේ වැඩ කටයුතු දැනටමත් ආරම්භ වෙලා තිබෙන නිසාවෙන් බොහොම ඉක්මනින් ඔවුන්ගේ නිවසේ අවසාන දර්ශනයන් අපට දැක බලා ගන්නටත් ඔවුන්ගේ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අපට හැකියාව ලැබේවි. ඉතින් මේ සියලු කාරණා වෙනුවෙන් අපි හදවතින්ම සුබ පැතුම් එකතු කරනවා සියල්ලක්ම සාර්ථක වෙන්න කියලා.