පස්සර ඉදන් ආදර්ශයක් වෙන හංසමාලි!

පියුමි හංසමාලි කියලා කියන්නේ විනෝදයෙන් ජීවිතය ගත කරන සාමාන්‍ය, චාම්, සරල ගැහැනියක් විදිහටයි බොහෝ දෙනෙක් දකින්නේ. ඉතින් ඒ වගේම පියුමි හන්සමාලි කියලා කියන්නේ නිරූපණ ශිල්පිනියක් විදිහටත් හඳුන්වලා දෙන්න පුළුවන්.

ඇය මේ කළා ක්ෂේත්‍රයට ඇවිල්ලා දැන් අවරුදු දහයක් පමණ වනවා. ඉතින් ඒ වගේම සරාගී නිරූපණ ශිල්පිනියක් විදිහට කා අතරත් අතිශයින්ම කතා බහට ලක්වෙන චරිතයක් තමයි පියුමි හංසමාලී කියලා කියන්නේ.

කොහොම නමුත් ඇයගේ ඡායාරූපයන් නිසාම සමජජාලා මාධ්‍ය තුල ඇය ප්‍රචලිත චරිතයක් කිවුවොත් හරියටම හරි. ඒ වගේම ඇය පුංචි පුතෙකුගේ ආදරණීය අම්මා කෙනෙක්. කොහොම නමුත් පසුගිය දිනයකදී ඇය සහ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ විසින් නිරෝධායන නීති උල්ලංඝනය තරු පහේ හෝටලයක සංවිධානය කරලා තිබුණු උපන්දින සාදයක් නිසා ඇය ගැන සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ සෙයින් කතා බහට ලක්වෙන්න පටන් ගත්තා.

ඉතින් එම හේතුව නිසා එම සාදයට සම්බන්ධ වූවන් පහුගිය දවසක නිරෝධායනයට යොමු කරන්න රජය කටයුතු කලා. කොහොම නමුත් නිරෝධායනට යන අතරතුරේදී පියුමි හංසමාලි ෆේස්බුක් ලයිව් ඇවිත් ප්‍රකාශ කල දේවල් වගයක් නිසාත් පහුගිය දවස් වල මුළු රටේම ඇය ගැන විවිධ කතා අහන්න දකින්න ලැබුණා.

කොහොම නමුත් දැන් නිරෝධායනය වෙමින් සිටින පියුමි හංසමාලි ඇයගේ සමජ මාධ්‍ය ජාලා වල අපූරු සටහනක් තබා තිබෙනවා අපිට දැකගන්න ලැබුණා. ඉතින් එහිදී ඇය කියලා තිබුනේ මෙන්න මේ වගේ දෙයක්. නිරෝධායන නීතියට ගරු කරම්න් සැබෑ ලෙසම අපි නිරෝධායනය වෙමින් සිටිමු. දුක සැප සොයාබලමින් මනුස්සකම්පෑ සැමට මගේ ගෞරවය. නිරෝධායනය අවසානයේ මා ඔබ අමතන්නම්, ඔබ හමුවන්නම්. පවතින වසංගත තත්වය හමුවේ එතෙක් ඔබ සැම පරිස්සමෙන් ඉන්න. සැමට බුදුසරණයි

.

Leave a Reply