මට මඩ ගහනකොට දැනුණෙ මම ප්‍රබල චරිතයක් කියල මේ රටේ, හැමෝටම ස්තූතියි – කුසුම් රේණු

පුංචි තිරයෙත්, රිදී තිරයෙත් අපූරු රංගනයන් සිදුකළ ප්‍රවීණ රංගන ශිල්පිනියක් තමයි කුසුම් රේණු කියන්නේ. එදා වගේම තවමත් හැඩට ඉන්න කුසුම් රේණු පුංචි තිරයට නැතුවම බැරි කෙනෙක් වෙලා.

කොතරම් වැඩිමල් දියණියන් සිටියත් ඇය තරුණියක් වගේ. ප්‍රවීණ රංගන ශිල්පියෙක් වන ශ්‍රියන්ත මෙන්ඩිස් කියන්නේ කුසුම් රේණු ගේ සැමියා බව අපි කවුරුත් ම දන්නවා. ඉතින් අඹුසැමියන් දෙදෙනාම රංගන ශිල්පීන් වීම ඔවුන්ගේ වාසනාවකට වෙන්න ඇති. ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලබා ගන්නට මේ දෙදෙනා සමත් වෙලා තියෙනවා. ඉතින් මේ දිනවල පැවැත්වෙන නිර්පාක්ෂික අරගලයට සහාය දෙන චරිතයක් විදිහට කුසුම් රේණු ව පෙන්වා දෙන්න පුළුවන්.

ඉතින් ඇය පසුගිය දිනක යූටියුබ් මාධ්‍ය සාකච්ඡාවක් සමගින් සම්බන්ධ වෙලා මේ විදිහටයි අදහස් දැක්වූයේ

‘ ඇත්තටම කියන්න ඕනි මට මඩ ගහන්න මඩ ගහන්න මට දැනුන මම කොයි තරම් ප්‍රබල චරිතයක් ද කියලා මේ රටේ. ඒකට ස්තූතියි මඩ ගහපු හැමෝටම පින්. ඊළඟ කතන්දරේ තමයි ඊයේ රෑ වෙනකම්ම ප්‍රවෘත්ති බැලුවා. රජයක් පත් කරන්න අපි උදව් කලාට රට ජාතිය මිනිස්සු වෙනුවෙන් ඉදිරිපත් උනාට එදා රැයින්ම ඡන්දය සලකුණු කෙරුවාම සියල්ල අත් හැරියා. අපි අල්පෙනෙති තුඩක දේකට පෞද්ගලිකව මම කිසිම තැනක ඉච්ඡා භංගත්වයට පත්වෙලා කරන කතාවක් නෙමෙයි මේ. මං බලාපොරොත්තු වුණු එක දෙයක් තිබුනා. මගේ රටට මගේ මිනිස්සුන්ට සමගියෙන් දියුණුවෙන් ජීවත් වෙන්න ඕනි කියන බලාපොරොත්තුව තිබුණේ.

මං පරණ දේවල් සෝදනවා නෙවෙයි. නමුත් අමතක කරන්න බැරි කොටස් කීපයක් වතාවෙන් වතාව තිබ්බා. අපේ ඉතිහාසයේ කලාව විෂය නිර්දේශයෙන් අයින් කළාම ඒක ගෙනත් දෙනවා කියන පොරොන්දුව පිට අපි සහය දුන්නා. මට තේරුණා හිඟන්නගෙ තුවාලෙ වගේ යුද්ධෙ වවාගෙන කාලා මගේ මිනිස්සු මගේ දූ දරුවෝ රණවිරුවන් විනාශයට පත් කරනවා. අපි එකතු වුණා මේ රට බේරා දෙන්න. ඒ හැම දේටම බොහොම පින්.

හැබැයි එක වැරැද්දක් තියෙනවා. අද මේ තත්ත්වයට මේ රට පත්වෙනවා කියලා එක පාරට දැන ගන්න බෑනෙ. ඒක ක්‍රමානුකූලව දැනගන්නේ. නමුත් වගකීමෙන් මුදවන්න බෑනේ. මේ සියල්ලටම වග කියන්න ඕනේ 225. ඊයේ රැයින් පස්සෙ මම ඉන්නවා මේ වෙනුවෙන්. අපි යන්නේ මිනිස්සු එක්ක. අපි දන්නවා වේදනාව. හැම පුරවැසියෙකුට සතුටින් ජීවත් වෙන්න වාතාවරණයක් හදලා දෙන්න.’