මුදල් ඇමති පළාත් සභා නියෝජිතයින් හමුවෙයි

හිටපු පාළාත් සභා නියෝජිතයින් සමග හමුවක් පැවති අතර එහිදී අභිනව මුදල් අමාත්‍ය ගරු බැසිල් රජපක්ෂ මහතා අවධාරණය කරමින් කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කෙරෙහි විශ්වාස තැබූ ජනතා අභිලාශයන් සුරැකීමට අතිගරු ජානාධිපතිතුමන්ගේ “සෞභාග්‍යයේ දැක්ම” යථාර්තයක් කිරීම උදේසා තමන් මුදල් අමාත්‍යවරයා මෙන්ම පක්ෂයේ ජාතික සංවිධායක වශයෙන් පුර්ණ කාලීනව කැප වන බවය. මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් හෙතෙම සඳහන් කලේ ආර්ථිකමය වශයෙන් රට අභයෝගයකට මුහුණ පා ඇති තත්වයේදී රටේ ප්‍රධාන ආදායම් මාර්ග හිමි ආයතන වූ ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ ආදායම් බදු දෙපාර්තමේන්තුව හරහා ලැබෙන ආදායම් අවම බවත්‍ ය.

ලොව සෑම රටක්ම මුහුණ දෙමින් පවතින කොවිඩ් වසංගත තත්වය මෙයට ප්‍රධානතම හේතුව බවත් මෙයට අප නොබියව මුහුණ දිය යුතු බවත් වැඩිදුරටත් කරුණු දක්වමින් ගරු බැසිල් රාජපක්ෂ අමාත්‍යතුමන් සඳහන් කලේය. යුධමය වාතාවරණයක් පැවති සමයේ දී පවා නොයෙක් බාධා කම්කටොලු මධ්‍යයේ කෙසේ හෝ ආර්ථිකය ස්ථාවරව ගෙන යෑමට කටයුතු කළ අතර එම වකවානුව මෙයට සාපේක්ෂව ඉතා අසීරු කාල සීමාවක් බව වැඩිදුරටත් කරුණු දක්වමින් ගරු බැසිල් රාජපක්ෂ ඇමතිතුමන් සඳහන් කලේය.

Leave a Reply