රයන් ගොඩට ගමු !

පෙබරවාරි පළමු දින රයන් හා ඔහුගේ දෙමපියන් ඇතුළු පවුලේ සැම ලැබූ නව මාසය සතුටින් පිලි ගන්නා ලදී .. එදින සවස රයන් ගේ පියා විසින් අසල පිහිටි ළිදක් දෙසට ගියේ එහි අලුත්වැඩියාවක් සදහාය .. පියා සමග පස් හැවිරිදි රයන් ද මවගේ අතේ දැවටෙමින් ඒ දෙසට පිය මැන පියාට මදක් පසුපසින් සිටින්නට විය ,,,

මවත් සමග ඒ අසල ඒ අවට ම පුංචි රයන් ද කෙලි දොළෙන් සිනහවෙන් ගත කරන්න ට විය … එහෙත් යම් මොහොතක මවගේ අවධානයෙන් කෙසේ හෝ මිදුණු පුංචි රයන් පියා වෙතට දිව යන්නට වූ අතර පියාද වරින් වර පුංචි රයන් දෙස එතෙක් වෙලා දැඩි අවධානයෙන් බලා සිටියත් ඔහුත් එම නිමේෂයේ අවධානය වෙනත් කටුයුත්තක්ට යොදවා ඇත … ඒ වනවිට අගගරුවදා පස්වරුව වී අතර මවගෙන් මිදුණු රයන් ව මවත් සොයන්නට වූ අතර ඊට මදක් නුදුරින් සිටි පියාගෙන් ද බියෙන් විමසා සිටියේ පුංචි වීරයා රයන් ව ය …

.ඒ වනවිටත් පියාට තත්වය අවබෝධ වී තිබු අතර ඔහු ඉතාමත් බියටත් , දැඩි ශෝකයටත් පත් විය ..එනම් ඒ ආසන්නයේ තිබු අගල් 9 1/2 විශ්කම්භයකින් යුතුව මීටර් 35 පමණ එනම් අඩි 110 පමණ ගැඹුරින් යුතු ළිදක් තිබු අතර ඔවුන්ට අවබෝධ වුයේ තමන්ගේ පුංචි රයන් එම ලිං පතුලට වැටී ඇති බවයි ..පසුව තත්වය පළාතේ බලධාරීන්ට දැනුම් දීමත් සමග ඔවුන් පැමිණ ලිද පතුලට කැමරාවක් යවා පුංචි රයන් සිටින බවට තහවුරු කර ගත් අතර එසේම බටයකින් ඔක්සිජන් හා ආහාර ස්වල්පයක් ද දරුවට යොමු කරන ලදී ..

ලිදේ පළල එනම් විෂ්කම්භය අගල් 9 1/2 වැනි කුඩා ප්‍රමාණයක් තරම් අඩු හෙයින් බලධාරීන් තීරණය කලේ බදාදා සිටම ලිද ට ආසන්නයෙන් ලිද ට සමාන ගැඹුරකින් විශාල ප්‍රමාණයේ කුහරයක් තනවා ගෙන ඒ තුලින් පුහුණු සහන සේවකයින් පිටත් කර දරුවා බේරා ගැනීමටය ..එම, කාර්යය ඉතා ප්‍රවේසමෙන් බදාදා දින ඇරඹු අතර මේ ලියන සෙනසුරාදා වන විට ගැඹුරින් දරුවා සිටි ස්ථානයට ආසන්නය ට ලග වෙමින් ඇත ..ඔවුන් ඉන්පසුව හරස් කඩව රයන් සොයමින් ගමන් කරන්නට නියමිතය ..

නවතම කැමරා සටහන් අනුව අදට දින 4 පුංචි රයන් රාත්‍රිය පුරාත් එසේම කුසගින්නේත් දෙමාපිය සෙනෙහස නොමැතිව සිටීම වැනි හේතුන් මත සිහි නැති තත්වයට පත් වී ඇති බවට කැමරා සටහන් වලින් පෙනේ ..සහන කණ්ඩායම් වල අපේක්ෂාව අද දවස තුල පුංචි රයන් කෙසේ හෝ මුදා ගැනීමය ..ඒ සදහා ඔබේ යැදුම් ප්‍රර්ථනා පුංචි රයන් වෙනුවෙන් එක් කරන්න ….

1