රැල්ලට වෙරළ ආදරෙයි නාට්‍යයේ යෙනුකිට රග දක්වන අවුරුදු 16යේ පුංචි කෙල්ල දසුනි සෙනෙත්මාගේ සැබෑ ජීවීතය

මේ දවස්වල හිරු TV නාලිකාවේ විකාශනය වන ගොඩක්ම ජනප්‍රිය හැමෝම වගේ ආදරය කරන ටෙලිනාට්‍යයක් තමයි “රැල්ල වෙරලට ආදරෙයි” කියලා කියන්නේ. මේ ටෙලිනාට්‍යය බලන ගොඩක් ප්‍රේක්ෂකයෝ ආදරය කරන චරිතයක් තමයි “යෙනුකි” කියලා කියන්නේ. සත්‍යගෙ හොදම යාලුවා තමයි මේ යෙනුකි.

මේ විදියට යෙනුකිගේ චරිතයට රංගනයෙන් දායකත්වය ලබා දෙන්නේ “දසුනි සෙනෙත්මා” කියන පුංචි කෙ’ල්ල’යි. හැමෝම පු’දුම කරවන දෙයක් තමයි ඇයගේ ව’යස. 2005 වර්ෂයේ උපත ලැබූ දසුනිට තාම ව’යස අවුරුදු 16යි. තවමත් පා’සල් යන ඇය ජනාධිපති බාලිකා විද්‍යාලයෙන් ඇයගේ අධ්‍යාපන කටයුතු හදාරනවා. ඒ වගේම ලස්සනට නටන්න පුලුවන් දසුනි නර්ථන ක්‍රේෂ්ත්‍රය හරහා තමයි ඇයගේ කලා ජිවීතයත් ආරම්භ කරන්නේ.

දෙරණ ලිට්ල් ස්ටාර් සීසන් 4 සහ සීසන් 5 හි නර්ථන අංශයෙන් තරග වැදුනු දසුනි ඊට පස්සේ හිරු සුපර් ඩාන්සර් තරගයේ අවසන් 10 දෙනා අතරට පැමිනෙනවා. කොහොම හරි ඇය මේ වෙනකොට ඉතාමත් දක්ෂ නර්ථන ශිල්පිනියක් වගේම ජනප්‍රිය රංගන ශිල්පිනියකුත් වනවා. ඇය මුලින්ම රංගනයට දායක වෙලා තිබුනේ සිද්ධාර්ථ ගෞතම ටෙලිනාට්‍යයේ රුචිර කුමරියගේ චරිතය හරහායි.

Leave a Reply