වියෝ ගී ගැයෙනා හදේ… ආදර මල් නොමියේ!

තම මනරම් හඬින් සුපෝෂිත ජනප්‍රිය ගීත රැසක් ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට දායාද කළ ප්‍රවීණ ගායන ශිල්පිනී නීලා වික්‍රමසිංහ මහත්මියගේ හදිසි අභාවය පිළිබඳව බලවත් ශෝකය.

චිත්‍රපට පසුබිම් ගායිකාවක ලෙසින්, පාසල් සංගීත ගුරුවරියක ලෙසින් ආදී විවිධ ඉසව් ඔස්සේ සුවිශේෂී මෙහෙයක් ඉටු කරමින්, ඉතාලියේ මිලානෝ නුවර ශ්‍රී ලංකාවේ නව කොන්සල් ජනරාල්වරිය ලෙස ද ඉතාමත් උනන්දුවෙන් කටයුතු කළ ඇගේ හදිසි නික්ම යාම ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයටත්, රසික ප්‍රජාවටත්, මුළුමහත් ජනතාවටත් දැරිය නො හැකි තරම් වේදනාවක් වන බව නො අනුමාන ය