Student වීසා හරි විදිහට ඇප්ලයි කරමු

රට යන්න හීන දකින ඕනෙම කෙනෙකුගෙ එක බලාපොරොත්තුවක් තමා ස්ටුඩන්ට් වීසා කියන්නෙ. ස්ටුඩන්ට් වීසා වලින් රටකට යන බහුතරයක් ලාංකිකයන්ගෙ බලාපොරොත්තුව තමන් යන රටේ ස්ථාවරයක් ගොඩනගාගෙන පදිංචි වෙන එක. මේ බලාපොරොත්තු හීන මාලිගා ගොඩනගාගන්න ඒජන්සි පස්සේ ගිහින් අතේ සල්ලිත් නැති කරගෙන දුක් විදලා රට යන එක එපා උන පිරිසකුත් ඉන්නවා. මේ අයට සල්ලි පරිස්සම් කරගෙන යන්න උපදෙස් ටිකක් දෙන්නම්. අපිට ඉංග්‍රීසි ටිකක් පුලුවන් නං තනියම මේවා කරගන්න පුළුවන්. මුලින්ම කරන්න ඔයාලගෙ සුදුසුකම් වලට යන්න පුලුවන් රටක් තෝරගන්න.

⭕ කොහොමද රටක් තෝරගන්නෙ ? බහුතරයක් ආසයි United Kingdom , Canada, Australia , Newzealand වගේ ඉංග්‍රීසි රටකට යන්න. ඒ වගේ. මේ වගේ රටකට යන්න හුගාක් සුදුසුකම් බලනවා. මොකද ලෝකේ පුරාම ඉල්ලුම වැඩී. ඉතින් එයාලා බලන්නෙ හොඳම අය එයාලගෙ කැම්පස් වලට දාගන්න. තවත් යුරෝපයේ Established වෙන්න ඕනේ නං France , Belgium , Hungry , Lithuania , Latvia , Czech Republic , Italy , Germany , Austria වගේ සංවර්ධිත රටවලුත් තියෙනවා. කෝක තෝරගත්තත් ලංකාවේ Embassy එකක් තියෙන රටක් තෝරගන්න බලන්න , ඒක ඔයාට වීසා ගන්න පහසුවක්. (https://www.embassypages.com/srilanka ) මේ ලින්ක් එකේ තියෙනවා ලංකාවේ තියෙන එම්බසි ලිස්ට් එක. ඒක බලලා අදහසක් ගන්න පුළුවන්.

⭕ විශ්වවිද්‍යාලයක් තෝරාගන්නෙ කොහොමද ? විදේශ සිසුන්ට අධ්‍යාපනය විවර හැම රටකම ඒ ඒ රජය මගින් පවත්වාගෙන යන study portal වෙබ් සයිට් එකක් තියෙනවා , ඔයා කැමති රටේ නමත් එක්ක study portal එක ගූගල් එකේ සර්ච් කරන්න . උදාහරණයක් විදිහට ගූගල් එකේ study portal sweden වගේ කීවඩ් එකක් ගහලා සර්ච් කරොත් එයාලගෙ රටේ https://studyinsweden.se/ රජය මගින් පවත්වාගෙන යන මේ Study portal එක දකින්න පුළුවන්. මේකට ගියාම ඔයාට ඕනේ සියලුම තොරතුරු තියෙනවා. මොනවාද රජයේ විශ්වවිද්‍යාල ,පෞද්ගලික විශ්ව්විද්‍යාල මොනවාද , උසස් අධ්‍යාපන පාසල් මොනවාද කියලා බලාගන්න පුළුවන්. කැම්පස් එකක් තෝරගද්දී ඒකේ සිසුන් වැඩි ප්‍රමාණයක් ඉන්න ඉතිහාසයක් තියෙන ඒ ඒ රටට අදාලව ඉහලින් තියෙන එකක් තෝරගන්න. මෙහෙම කියන්න හේතුවක් තියෙනවා , හිතන්නකො ලංකාවේ ඉගෙනගන්න කවුරු හරි බංග්ලාදේශ් වගේ රටක ඉඳලා ස්ටුඩන්ට් වීසා ඉල්ලන ශිෂ්‍යයො 4ක් ඉන්නවා කියලා. එක්කෙනෙක් කොලඹ විශ්වවිද්‍යාලය ඉල්ලද්දි තව කෙනෙක් අග්නිදිග විශ්වවිද්‍යාලය ඉල්ලනවා. තව කෙනෙක් ස්ලිට් එක තව කෙනෙක් ප්‍රසිද්ධ නැති පෞද්ගලික විශ්ව විද්‍යලයක් ඉල්ලනවා කියලා හිතන්න.

මෙතනදී ලංකාවේ එම්බසි එකෙන් සලකා බලන හේතු කිහිපයක් තියෙනවා. ඇත්තටම මූ එන්නෙ ඉගෙනගන්න ද නැත්තං මෙහෙ රස්සාවක් කරන්න පාලමක් හදාගන්න ද කියලා හිතෙනවා ඕනේ එම්බසියකට. එතකොට බොහෝවිට වැඩිම වීසා ලැබීමේ සම්භාවිතාව තියෙන්නේ කොලඹ සහ ස්ලිට් එක ඉල්ලපු දෙන්නට විතරයි , අනික් අය ට වීසා දීම සම්බන්ධයෙන් සාධාරණ සැකයක් ඇති වෙන්න පුළුවන් , ඒකයි මම කීවේ කැම්පස් එකක් තෝරගද්දී ජනප්‍රිය සහ වැඩි සිසුන් ප්‍රමාණයක් ඉන්න එකක් තෝරගන්න කියලා. මේකේ තව වාසියක් තියෙනවා , Supportive document වල අඩුපාඩුවක් තිබ්බත් ඔයාට ඔක්ස්ෆර්ඩ් වගේ යුනිවර්සිටි එකකින් සිලෙක්ෂන් ලෙටර් එකක් තියෙනවා නං එක්සත් රාජධානිය ඔයාට විසා නොදී ඉදීමේ සම්භාවිතාව හුගාක් අඩුයි. මොකද ඔයාව තෝරගෙන තියෙන්නේ ලෝක ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයකින් නිසා. ඒ වගේම ඔයාට අවශ්‍යතාවයට සෑහෙන්න යන්තම් මුදල් තියෙන කෙනෙක් නං රටක අගනුවර විශ්වවිද්‍යාලයකට වඩා වෙනත් නගරයක ශාකාවක් තෝරගන්න පුළුවන් , එතකොට ඔයාට පුළුවන් ලිවින්ග් කොස්ට් එක අඩුකරන්න. ඊලඟට බලන්න ඔයාට ඒ රටේ වසරක ජීවත් වෙන්න කොච්චර මුදල් ප්‍රමාණයක් යනවා ද කියලා. ඒ අනුව ඔයාගෙ කෝස් එක තීරණය කරගන්න.

Law, Engineering , Language , Agriculture වගේ ලෝකේ හුගාක් ජොබ් තියෙන ෆීල්ඩ් එකක් තෝරගන්න පුළුවන් නං ඔයාට ඒ රටේ ඉහ ගහගෙන ඉන්න පුළුවන් වෙයි. ඒ වගේම හැම කෝස් එකකට ම අදාලව ඒ ඒ විශ්වවිද්‍යාලයේ Admission Requirement තියෙනවා. ඒවා කියවන්න. හුගාක් ඒවගෙ International Student ලට් වෙනම පේජ් එකක් වෙබ් සයිට්වල තියෙනවා , ඒක බලන්න. ඒකේ ඉන්නවා Student Counselor කෙනෙක්. එහෙම නැත්තං Course Coordinator කෙනෙක්. එයාලට ඊමේල් එකක් දාන්න. එයාලා ඔයාට රිප්ලයි කරනවා. කරන්න ඕනේ දේවල් කියනවා. ඒ රිප්ලයි එක අද දැම්මොත් හෙට එන්නෑ. Intake එක කිට්ටු වෙද්දී අනිවාර්යයෙන්ම එයාලා රිප්ලයි කරනවා.

⭕ IELTS or Language Proficiency උසස්පෙල ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනගන තියෙනවා නං විශ්ව විද්‍යලයේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනගෙන තියෙනවා නං සමහර රටවල විශ්වවිද්‍යාල පමණක් ඔයාව IELTS වලින් නිදහස් කරනවා. ඒත් මම කියන්නෙ IELTS කරගන්න , ඊට අමතරව ඔයා Non English Country එකක් තෝරගන්නවා නං ඒ රටේ භාෂාව මෙහෙ ඉඳලා පොඩ්ඩක් හරි ඉගෙනගන්න , ඒක එම්බසි එකේදි වැදගත් වෙයි. තව දෙයක් Ielts අමාරු නෑ.ඉංග්‍රීසි නොදන්නම කෙනෙකුට උනත් උත්සාහය කැපවීම තියෙනවා නං මාස 6න් පුළුවන්

⭕ PR ගන්න බලාගෙන යන කෙනෙක් නම් ඔයා යන්න බලාපොරොත්තු වෙන රටේ Immigration department එකේ වෙබ් සයිට් එකට යන්න , ඒකේ තියෙනවා ස්ටුඩන්ට් කෙනෙකුට ලැබෙන පහසුකම් , හුගාක් රටවල ආෆ්ටර් ස්ටඩි වර්ක් පර්මිට් හම්බෙනවා. ඔයා තෝරගන්න විෂය ඒ රටට වැදගත් එකක් තෝරගන්න , එතකොට ඔයාට එහෙ ඉන්න පහසුවක් වෙයි.

⭕ මේ ඔක්කොම කරගෙන ඇප්ලයි කරන්නේ කොහොමද කැම්පස් එකෙන් ඇඩ්මිෂන් කෝල් කරාම ඔයාගෙ සපෝටින් ඩොකියුමන්ට් සම්පූර්ණ කරගන්න. ඔයාට ඕනේ ඩොකියුමන්ට් ලිස්ට් එක සමග අයදුම්පත්‍රය විශ්වවිද්‍යාලයේ වෙබ් සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. නිවැරදි ව ඇප්ලිකේශන් එක පුරවගන්න , උප්පැන්න සහතික පිලිගත් ට්‍රාන්ස්ලේටර් කෙනෙක් ගෙන් විශ්වවිද්‍යාලය මගින් ඉල්ලන භාෂා වලට ට්‍රාන්ස්ලේට් කරලා ස්කෑන් කරගන්න. අධ්‍යාපන සහතික Foreign Ministry එකෙන් සහතික කරගන්න. ඔයා ඩිප්ලෝමා එකක් , උපාධියක් කරපු කෙනෙක් නං අදාළ ආයතනයට ගිහින් Transcript එක ඉල්ලන්න. ඒක ඔයා අතට දෙන්නෑ. අපේ කැම්පස් එකෙන් එහෙ කැම්පස් එකට යවන්නෙ. ඊලඟට ඔයා ලියන්න ඕනේ Covering Letter එකක් , ඒක වචන 500කට නොඅඩුව විස්තරයක් ඇයි මේ උපාධිය කරන්නේ , ඇයි මේ කැම්පස් එක තෝරගත්තෙ ඇයි මේ රට තෝරගත්තෙ, කොහොමද ජීවිතේ අනාගත බලාපොරොත්තු මේ හරහා සම්පූර්ණ කරගන්නෙ? වගේ දේවල් ලියන්න ඕනේ . හැබැයි මොනවා ලීවත් පුතේ ඒ රටේ ඉන්න බලාපොරොත්තු වෙනවා කියලා නං ලියන්න එපා. එහෙම උනොත් ඇප්ලිකේශන් ෆී එකත් අපරාදේ සම්පූර්ණ කරපු අයදුම්පත්‍ර සමග අනික් ඩොකියුමන්ට් අප්ලෝඩ් කරන්න , අයදුම්පත් ගාස්තුවක් ගෙවන්න වෙනවා මෙතනදි ඒක ඩොලර් 100ක් , යුරෝ 50 වගේ ඒ ඒ රටට අනුව වෙනස් වෙනවා.මගේ යෝජනාව නං ඔයා කෝස් 4කට වත් විවිද කැම්පස් වලට අයදුම් කරන්න , මෙහෙ ඒජන්සි වලට නිකන් දෙන සල්ලි වලින් ඔයාට ඒක කරගන්න පුළුවන් අයදුම්පත් දාද්දි 1st Selection Round එකට දාන්න බලන්න. ඊලඟට දාලා ටික දවසකින් ඔයා තෝර ගත්තාම ඔයාට එනවා ස්කයිප් කෝල් එකකට දිනයක් වෙලාවක් දීලා , ඒකට ගෙදර හොද නිදහස් පරිසරේක ඉඳගෙන පිලිතුරු දෙන්න. අවංක වෙන්න.එතනින් තේරුණාම වැඩේ ඕකේ. ඒත් සමහර ඒවාගෙ ස්කයිප් කෝල් එකට අමතරව Online Test එකකුත් තියෙනවා , සමහර Engineering Course වලට තමා හුගාක් මේක තියෙන්නේ. මේ කඩයිම් දෙකම ඒජන්සියකින් ඇප්ලයි කරත් නැතත් ඔයාම සපුරගන්න ඕනේ කඩයිම් දෙකක්. ඒකට කාටවත් උදව් කරන්න බෑ.

⭕ අවසාන පියවර ඔක්කොම සම්පූර්ණ උනාම ඔයාට යුනිවර්සිටි කෝස් ෆී එක ගෙවන්න කැම්පස් එකෙන් සම්පූර්ණ විස්තරයක් සහිත මේල් එකක් එනවා. ඒක බැංකුවක් හරහා ගෙවන්න පුළුවන්. ගෙව්වාම ඔයාට වීසා ඇප්ලයි කරන්න ඕනේ කරන කැම්පස් එකේ ශිෂ්‍යයෙක් කියලා ඇඩ්මිෂන් කන්ෆර්ම් ලෙටර් එකක් හම්බෙයි. ඒක අරන් වීසා ඇප්ලයි කරන්න කලින් ලිවින්ග් කොස්ට් එකට වඩා වැඩි මුදලක් ඔයාගෙ බැංකු ගිණුමට දාලා පෙන්නන්න වෙනවා. මේ සඳහා රජයේ බැංකුවක්ම තෝරගන්න. මොකද ප්‍රයිවට් බැංකු වලින් කරන සමහර ජාවාරම් නිසා ඒවා බ්ලැක්ලිස්ට් වෙලා තියෙන්නේ. ඒ වගේම සමහර රටවල් සඳහා බැංකු ශේෂයන් මාස 6කට වඩා පස්සට පෙන්නන්න වෙනවා. එම්බසි එකට ගිහිල්ලත් ඒ ඉන්ටවීව් එක ගොඩදාගන්න එක තියෙන්නේ ඔයාගෙ අතේ. රට යන එක හරි අමාරුයි , ලේසි නෑ. හැබැයි හරි පාරේ ගියොත් පුළුවන් , ඒකට සුදුසුකම් හොඳට ඕනේ. අපේ රටේ ඒජන්සි වලින් කරන්නේ ඩොකියුමන්ට් කලෙක්ට් කරගෙන රෙජිස්ට්‍රේෂන් ෆී එක අරගන්නවා. ඕවර් කොලිෆයිඩ් කෙනෙක් ගෙ ඇප්ලිකේශන් එකක් විතරයි එයාලා සබ්මිට් කරන්නේ ,අනික් ඒවාගෙ රෙජිස්ට්‍රේෂන් ෆී එක ගන්න ඕනෑවට බොරු බයිලා ගහලා මාස ගානකට පස්සේ ආයෙ ඩොකියුමන්ට් ටික රිලීස් කරනවා. එච්චරයි , ඕක තමා තිත්ත ඇත්ත. තමන්ගෙ දේ කරගන්න තමන් මහන්සි වෙන්න , හුගාක් රටවල කැම්පස් වලින් කැමතියි ස්ටුඩන්ට් ම වීසා ඉල්ලනවට. විශ්වවිද්‍යාල සිසුවෙක් කියන්නෙ තනියම දෙයක් කරගන්න පුළුවන් කෙනෙක් කියලා එයාලා විශ්වාස කරන්නේ. ඔයාලට සුබපැතුම් , ජය වේවා. ඉන්බොක්ස් එකේ ලියන්න තරම් වෙලාවක් නැති නිසා මේක ලීවේ.

උපුටා ගැනීමකි.සියලුම හිමිකම් මුල් රචකයා සතුය. (Lukas Helimiz)

Leave a Reply