තවත් රජෙක් නික්ම යයි

උපදින හැම වාරේ හමුවෙමු අපි සංසාරේ. . අද උදෑසනම අසන්නට ලැබුනු කණගාටුදායක පුවතක්.. වසර ගනනාවක් පුරා දළඳා පෙරහැරේ කරඬුව වැඩැම්මවූ නැදුන්ගමුවෙ ඇත්රාජා වසර 69ක් ආයුවළඳා අපෙන් සමුගෙන ඇති බවයි.මේ පුවත මා හට අදාල වෙන්නෙ කෙසේද? මෙයට මාස කිහිපයකට පෙර ගොඩගෙදර ආර්.බී චන්ද්‍රසේන නම් මහතෙකු මා හට දුරකථනයෙන් කතා කර පැවැසුවේ ඔහු නැදුන්ගමුවේ ඇති රජා ගැන […]

එම්බාම් ඉවරයි

එම්බාම් කරන ෆෝමලින් ඉවරයි.. ගේන්න ඩොලර් නෑ.. සියළු අවමගුල් පැය 24න් කරන්න වෙයි.. මෙරටට බලපා ඇති විදේශ විනිමය අර්බුදය මත ඉදිරියේදී රට පුරා ෆෝමලින් හිග වීමේ අවදානමක් ඇතැයි මල් ශාලා හිමියෝ සඳහන් කරති. දැනට රට තුළ පවතින්නේ මසකට ප්‍රමාණවත් තරමේ ෆෝමලින් ප්‍රමාණයක් බව ද පෙන්වා දෙන ඔවුන් මේ හේතුවෙන් ඉදිරියේ දී මල්ශාලා කර්මාන්තය ද ගැටලු […]

Culture වෙනසක්

“Cultural සෞභාග්‍යා” සංස්කෘතික ප්‍රසංගය සහ ප්‍රදර්ශනය නැරඹීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්වෙති. ශ්‍රී ලාංකේය ප්‍රෞඩත්වය සහ සංස්කෘතික අනන්‍යතාව සුරක්ෂිත කිරීම, විදෙස් රාජ්‍යතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීම, අද්විතීය ස්ථාන ප්‍රවර්ධනය සහ සංස්කෘතික උරුම අනාගත පරපුරට පවරාදීමේ අරමුණින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, ජාතික උරුම ප්‍රසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී කටයුතු […]

ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් ඉන්ධන

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන මිළදී ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක ණය මුදලක් ඉන්දියාව විසින් ලබාදීමට නියමිතය. එම ණය මුදල සැකසෙන තුරු මෙරට ඉන්ධන අවශ්‍යතාවය සදහා ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් ඉන්දියාව විසින් ලබාදීම අද දින (2022.02.15) කොළඹ වරායේ දී සිදුවිය.ස්වර්ණ පුෂ්ප නෞකාවෙන් රැගෙන ආ මෙම ඩීසල් තොගය ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා […]

අවසන් ගමන් යන දිරිය දියනියක්

අප්‍රසිද්ධියේ අවසන් ගමන් ගිය ලංකා දියණිය ඕෂධි කුරුප්පු ඔබට සුබ ගමන්..! පදක්කම් රැසකින් මව්බිම වර්ණවත් කල ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ශූරී ඕශධී කුරුප්පු(27) මෙනවිය ලියුකේමියා රෝගය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සාග් ක්‍රීඩා උලලේ මෙන්ම නොයෙකුත් බැඩ්මින්ටන් තරගාවලි වලින් මව්බිම වර්ණවත් කර ඇත. මව්බිමේ අයට අමතක උවත් අපේ සිත් තුල ඔබේ මතකය හැමදාම ජීවමානයි.. ඔබට නිවන්සුව..!

හෙට සිට ඉස්කෝලේ

පාසල් ඇරඹීම- ළමුන් 40ට වැඩි පන්තිවල ඉගැන්වීම් ගැන උපදෙස්… දිවයින පුරා පිහිටි රජයේ සියලුම පාසල්වල ප්‍රාථමික අංශ (1 සිට 5 දක්වා ශ්‍රේණි) එළඹෙන 25 වන සඳුදා සිට නැවත ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් කපිල පෙරේරා මහතා පවසයි. එම ශ්‍රේණිවල පන්ති සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ආරම්භ කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ […]

ඉන්ධන මිල ඉහලට

ඉන්දීය ඔයිල් සමාගම (LIOC) විසින් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව පෙට්ට්‍රල් ලීටරයක් මිල රුපියල් 05 කින් සහ ඩිසල් ලීටරයක මිල රුපියල් 05 කින් ඉහළ දැමීමටයි එම සමාගම තීරණය කර ඇත්තේ. කෙසේ වුවත් සුපර් ඩිසල් මිල ඉහල නොදැමීමට තීරණය කර ඇත්තේ.

Highway තදබදයට විසදුම්

අධිවේග මාර්ගවල ඇතිවන තදබදය අවම කිරීමට විසඳුම්….. අධිවේග මාර්ගවල කාර්යාලීය වේලාවන් තුළදී පිටවීමේ දොරටු අසල පවතින දැඩි රථවාහන තදබදය අවම කිරීමට විද්‍යුත් මුදල් එකතු කිරීමේ කුටි (Electronic Toll Collection) අලුතින් ඉදිකිරීමට තීරණය කර තිබේ. මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඒ බව පැවසුවේ අධිවේග මාර්ග මෙහෙයුම් කළමනාකරණ ඒකකයේ ප්‍රගතිය සහ එහි ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ […]