කුඩු හෙවත් හෙරොයින් ලංකාවම වෙලාගත් මහා පිළිලයක් වෙලා අවසන්.මේ කුඩ්ඩන් හා කුඩු අලෙවි කරුවන්ගේ නවතම සොයා ගැනීම මිණී ඇටකටු කුඩු මිශ්‍ර කළ හෙරොයින්.මෙම කතාව පටන් ගන්නෙ දිවයිනේ සුප්‍රසිද්ධ මල් ශාලාවක එම්බාම් කරුවාගෙන්. මේ ඔහුගේ වදන්, “අපේ අතේ නෙවෙයි ලොක්කා වැඩේ තියෙන්නෙ. අපි ගේම පාස් කරනවා විතරයි. අපිට තියෙන්නෙ මැරුණ කෙනාගෙ වයසයි, ආදාහනය කරන තැනයි හරියටම […]
පුංචි තිරයෙත්, රිදී තිරයෙත් අපූරු රංගනයන් සිදුකළ ප්‍රවීණ රංගන ශිල්පිනියක් තමයි කුසුම් රේණු කියන්නේ. එදා වගේම තවමත් හැඩට ඉන්න කුසුම් රේණු පුංචි තිරයට නැතුවම බැරි කෙනෙක් වෙලා. කොතරම් වැඩිමල් දියණියන් සිටියත් ඇය තරුණියක් වගේ. ප්‍රවීණ රංගන ශිල්පියෙක් වන ශ්‍රියන්ත මෙන්ඩිස් කියන්නේ කුසුම් රේණු ගේ සැමියා බව අපි කවුරුත් ම දන්නවා. ඉතින් අඹුසැමියන් දෙදෙනාම රංගන ශිල්පීන් […]
අන්නාසි සහ කඩලගොටු සාහිත්‍ය උත්සවය AK Lit Fest මුලින්ම තිබ්බේ 2015 දී. එදා තමයි මම මුලින්ම ඉංග්‍රීසියෙන් නිවේදන කටයුත්තක් කරේ. ඒ මට ඉංග්‍රීසි පුළුවන් නිසා නෙවෙයි. ඉංග්‍රීසින් තියා සිංහලෙන්වත් වැඩේ කරන්න වෙන කවුරුත් හිටපු නැති නිසා. ඉංග්‍රීසි සාහිත්‍යයේ වගේම සිංහල සාහිත්යේත් නම් දරාපු පතාකයින් දැන් බලං ඉන්නව වැඩේ පටන් ගන්නකං. මහාචාර්ය ජේ. බී දිසානායක, අශෝක් […]
මගේ සමූහ වලට එන නිර්නාමික ගැටළු බහුතරයක කියවෙන සෝචනීය කතාවක් තිබෙනවා. හොඳට උගත් ගැහැණු අය ආදරේ නිසා විවාහයෙන් පස්සේ ගෙදර කටයුතු කරගෙන දරුවෝ හදාගෙන ගෘහණිය කියන සීමාවට විතරක් කොටු වෙනවා. ඔවුන්ගෙන් බහුතරේ මුලින්ම ගේ කොටු වෙලා දරුවෝ හදද්දී පවුල තුල යැපෙන්නේක් වෙනවා. ඊට පස්සේ උපයන සාමාජිකයා ගේ දිනුම වෙනුවෙන් තමන්ගේ හීනත් කැප කරනවා. අනික් කෙනා […]
කුඩා දැරියගේ කෝපය පහව යන තුරු මුළුමනින්ම සන්සුන් මිනිසුන් දෙදෙනෙක් බලා සිටිති. මොවුන් දෙදෙනා සාප්පු සංකීර්ණය මැද කේන්තිගනිමින් බිම වැතිරි සිටි වයස අවුරුදු දෙකක දැරියගේ පියා සහ සීයා වේමේ පිරිමින් දෙදෙනාගෙන් කිසිවෙකුට දැරිය පිළිබඳ ඉවසීම නැති වීම, කේන්ති යාම හෝ කෑ ගැසීමක් නැත.ඔවුන් නිහඬව බලා සිටී. ඔහු ඇයට අවශ්‍ය දේ සරලව ලබා නොදෙන අතර, ඇගේ […]
මා කලබලයෙන් Supermarket එකට ඇතුල්වුනේ රෙඩ්බුල් එකක් රැගෙන නැවත Office එකට දුවයාමටයි. නාවල Transco Digital අප ආයතනය පහල තට්ටුවේ ඇත්තෙ Supermarket එකකි… පොඩි දෙයක් අවශ්‍ය වු විටදි පවා අප කෙලින්ම දුවයන්නෙ මෙතනටය. වෙනදා මෙන්ම කැශියර් ලඟට වත්ම ‘ සර්, අපේ ලොයල්ටි කාඩ් තියෙනව නේද, දුරකථන අංකය කියන්න.’දැන් මම ඕක කිව්වා කියලා මොකද වෙන්නෙ? මම විහිලුවට […]
මරණයේ_වෘක්ෂයලෝකයේ විෂම ගස මැන්චිනෙලා වැස්ස වෙලාවක මේ ගහ යට හිටියොත්, සම පිලිස්සීලා දියපට්ට එයි. ගසේ පුංචි ලස්සන ගෙඩි කෑවොත් අභ්‍යන්තර රුධිර වහනයක් සිදුවී මරණයට පත් වේවි. මේ ගස ‘මරණයේ වෘක්ෂය’ යනුවෙන් හැඳින්වෙන්නේ ද එහෙයිනි.මෙම ගස හැඳින්වෙන්නේ ‘මැන්චිනෙලා’ යනුවෙනි. ‘මැන්චිනෙලා’ කැරීබියන් දූපත්වලට, ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපදයට, මෙක්සිකෝවට, මධ්‍යම ඇමෙරිකාවට, උතුරු සහ දකුණු ඇමෙරිකාවට ආවේණිකය. මෙම ගස් කැරිබියානු […]
කොයිතරම් උත්සහා කරත් මල් මාමට නහයෙ තිබුණ මල අයින් කරන ඔපරේෂන් එක කරගන්න බැරි උනා. ඒක නැතිඋනාට පස්සෙ පොඩි උන් විජය පත්තරේ එනකං බලන් ඉන්න එකක් නැතිවෙයිද කියලා හිතුනත් මල්මාමාට ඊටවඩා ප්‍රශ්න තිබුණා. කලවයස හරි කාලෙ ඉඳලා මේ ලඟක් වෙනකංම මල්මාමාට ගෙදරින් බඳින්න කෙල්ලෙක් හෙව්වා. ඒ හැමතැනින්ම මාමාව ප්‍රතික්ෂේප උනේ මල හින්දා. පොඩි ළමයි […]
ආදරණීය රයන්, යන, එන වේගය හෝ ඉන්න කාලය අපි කාටවත් තීරණය කරන්න පුළුවන් දේවල් නෙවෙයි. අපිට තීරණය කරන්න පුළුවන් අපි මේ ඉන්න කාලය ඇතුළේ ජීවත් වෙන්නේ කොහොමද කියන එක විතරයි. රයන් මේ ලෝකේ ලොකු පොඩි යුද්ධ හුඟක් තිබුණා. ඉස්සරහටත් තියේවි. දැනුත් තියෙනවා. ඒවායෙන් වැඩියෙන්ම පීඩා වින්දේ, පුංචි දරුවෝ. යුද්ධය පොඩි දරුවෝ මරන්න හිතාගෙන නොකලා කියලම […]
සියලුම දෙමව්පියන්ට සහ ඉදිරියේ දී අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට ආදරෙන් ලියමි…. ” අම්මෙ, මගේ ඔලුව රිදෙනවා ““තව ඔබපන් ෆෝන් එක” “අම්මෙ, මට ටිකක් පාඩුවේ ඉන්න දෙන්නකො ““පාඩුවේ ඉන්න ඕනි නම් උබ තනියම ජීවත් වෙයන්” ” අම්මෙ, මට මහන්සියි”” ඇයි හම්බකරලා මහන්සි ද ?” “අම්මෙ, මට කිසිම නිදහස් නෑ,ටිකක් කෑගහන්නෙ නැතිව ඉන්නකො”“නිදහසෙ […]