වාහනේ බැට්‍රිය අඩියටම බැහැල…

1. චාර්ජ් කරලා හයිකරපු බැටරියක් සති තුනක් නිකන් තිබ්බ නිසා බහිනවා කියන එක එක්කෝ බැටරිය දෝෂයක් එහෙම නැත්තං බැටරියට ඩිරෙක්ට් දීලා තියෙන parasitic ඩ්‍රෙන් එකක්.

2. ගෙදර මල්ටිමීටරයක් තියෙනවා නං චෙක් කරගන්න විදිහ කියලා දෙන්න පුළුවන්. මල්ටිමීටරයක් තිබේ නම් ඔය බැටරිය චාජ් කරගෙන ඇවිත් වෝල්ටේජ් එක මැන ගන්න. ඉන්පසු වෙන කෙනෙකුට ස්ටාට් කරන්නට කියා ස්ටාර්ට් වන අවස්ථාවේ දී වෝල්ටේජ් එක බලාගන්න. එය ස්ටාට් කරන අවස්ථාවේදී වොල්ට් දහයකට වඩා අඩු වෙනවා නම් බැටරිය සවුත්තු එකක්.
3. එහෙම නැත්තං බැටරි කඩේකට ගිහිල්ලා බැටරිය load test කරගන්න. මතක තියගන්න බැටරිය ගත්ත කඩේට වොරන්ටි ගන්න යන්න කලින් රිපෝට් එක ප්‍රින්ට් වෙලා එන battery tester එකක් තියන තියෙන කඩෙ කට ගිහිල්ලා රිපෝට් එකක් ගන්න එක අතිශය වැදගත්. මොකද ඔයා බැටරිය ගත්ත කඩෙන් ඔයාට බොරු කලොත් පෙන්නන්න ඔබට අතේ සාක්ෂි තියෙන්න ඕන. ඊට පස්සේ බැටරිය ගත්තු තැනට ගිහිල්ලා පෙන්වන්න. බැටරිය අවුලක් තියෙනවා නම් තැන අවංක නම් ඔබට වොරන්ටි හම්බ වෙයි. එහෙම නොලැබුණොත් අර මම ඉස්සෙල්ලා ගන්න කිව්ව රිපෝට් එක පෙන්නුවම මිනිහට කටඋත්තර නැතුව යයි ඔයාව රවට්ටන්න හැදුවොත්.
4. බැටරි කඩවල මිනිස්සු වංචා කරන ක්‍රම විධි දෙකක් තියෙනවා. පලවෙනි ක්‍රමය තමයි මුලින්ම රිපෝට් එක ප්‍රින්ට් කරන battery tester එකක් කෙනෙක් කිරීමේදී බැටරි වර්ගය හෝ CCA එක ඇතුළු කරන ලෙස කියනවා. ඔබගේ බැටරි වර්ගය අනුව 415CCA යන අගය ඇතුළු නොකර ඊට අඩු අගයක් ඒ කියන්නේ 300-350 CCA වැනි අගයක් ඇතුළු කිරීමෙන් සවුත්තු බැටරියක් වුණත් රිපෝට් එක හොඳ ලෙස පෙන්වනවා. ඒක ගැන සැලකිලිමත් වෙන්න. දෙවැනි ක්‍රමය තමයි battery test එක අතරතුර වාහනේ රෙස් කරන්න කියලා කීම. මේකෙ පැති දෙකක් තියෙනවා.ISG Unit field current measurement වගේ ටෙස්ට් කරනවා නම් මෙහෙම කරන්න කීම සාමාන්‍ය දෙයක්. නමුත් battery test එකකදී බැටරිය පමණක් test කරනවා නම් මෙහෙම කරන්න කියලා කියන්නේ හොරකමට. මොකද වාහනේ රේස් වෙනකොට ISG unit එක මගින් alternator එකක කාර්යභාරය සිද්ධවෙන නිසා එයින් එකතුවෙන ඇම්පියර් ගානද එකතු කොට තමයි බැටරිය check වෙන්නෙ. ඒ වගේ වෙලාවට සවුත්තු බැටරියක් වුණත් තරමක් හොඳ බවට පෙන්වන්න ඉඩ තියෙනවා.
5. ඔයාගේ වාහනේ බැටරියට direct දීපු දේවල් ටික කරුණාකර චෙක් කරන්න. මොකද බැට්‍රිය නිකං තිබ්බාම බහිනවා කියන්නේ ඔය direct දීපු දෙයක් සමහරවිට බොඩියට ෂෝට් වෙලා හෝ යම් විදුලි උපාංගයක ඇතිවන ෂෝට් වීමක් නිසා යම් ආකාරයකින් ලෝඩ් එකක් ඇති කරලා බැටරිය බස්සන නිසා. මෙය සරලව ටෙස්ට් කරන්න පුළුවන් උපකරණයක් තමයි AMP clamp meter කියන්නේ. බැටරිය parasitic drain එකක් තියෙනවද කියලා බැටරි කඩේ මනුස්සයට කීමෙන් එයා ඔය ටෙස්ට් එක කරනවා.
ඉස්සෙල්ලම ඔය ටික චෙක් කරගන්න එතන ඔයාගේ උත්තරේ තියෙයි.

Chamal N Udari Paranavitane

Leave a Reply