Facebook Account එකක් සොරකම් කරන්න…

මම දන්න කියන කීප දෙනෙක්ගෙ Facebook ගිණුම් Facebook Phishing නිසා අවාසනාවන්ත විදිහට වෙන අය අතට ගිහිල්ලා.

Facebook Phishing කියන්නෙ ඇත්තටම රැවටීමකින් Facebook හෝ වෙනත් ඕනීම වෙබ් අඩවියක ගිණුමක් හොරකම් කිරීම වගේ දෙයක්.

මෙහෙමයි මේක වෙන්නෙ. ඒ කියන්නෙ අපි උදාහරණයකට ගමු කසුන් කියන නම. ඉතින් කසුන්ට ඕනි තව කාගෙ හරි Facebook Account එකක් සොරකම් කරන්න. ඉතින් එයා කරන්නෙ Facebook වගේම ඒ හා සමානම වෙබ් අඩවියක් වෙන URL එකකට හදාගන්න එක. ඒක බැලූ බැල්මට Facebook වෙබ් අඩවිය හා 100% සමානයි. වෙනස් වෙන්නෙ URL එක විතරයි.

ඊට පස්සෙ එයා කරන්නෙ එයාට අවශ්‍ය කරන පුද්ගලයාට මේ URL එක යවනව මෙහෙම පණිවිඩියක් එක්ක. “ඒ මචං අන්න උඹේ නමින් Fake Account එකක් හදල ඔන්න Link එක ගිහින් බලන්න” ඉතින් ඕක දැක්ක ගමන්ම තිගැස්සෙන කෙනා කරන්නෙ අර වෙබ් එකට යනව ගියාට පස්සෙ එන්නෙ Facebook වෙබ් අඩවියට ලොග් වෙන්න. ඉතින් එයා කිසිම සැකයක් නැතිව මේ වෙබ් අඩවියට තමන්ගේ Email / Phone Number සහ Password ගහල Log වෙනව. ඒත් ඒකෙ කිසිම දේකට ලොග් වෙන්නෙ නෑ. ඒ සැනින්ම Email සහ Password යනව අර වෙබ් එක හදපු කෙනා අතට. මොකද එයා ඩේටාබේස් එක හදල තියෙන්නෙ ඒ විදිහට. ඉතින් එයාට පුලුවන් අර ෆේස්බුක් එකට ගිහින් ටක් ගාල ඔක්කොම වෙනස් කරල දාල. අයිතිකරුගෙ සියලු දත්ත වෙනස් කරල දාන්න.

ඉතින් මන් කියන්න හදන්නෙ තමන්ගේ Facebook ගිණුමෙ ආරක්ෂාව හදන විදිහ ගැන. මොකද ගොඩක් අයට Facebook ඇවිල්ලා වෝල් එකේ පහලට යන්න / පෝස්ට් දාන්න පුලුවන් උනාට ආරක්ෂාව ගැන දැනුමක් නෑ.

01. මුලින්ම Facebook Settings වලට ගිහිල්ලා Personal Informations යටතේ ඇති තමන්ගේ භාවිතා කරන දුරකථන අංකය සහ Email ලිපිනය Confirmed කරගන්න. මොකද මොන ආරක්ෂාව තිබ්බත් ඔය දෙක පිටට ගියොත් කිසිම දෙයක් කරන්න බෑ.

02. ඊට පස්සෙ යන්න Facebook Settings වල Security and Login කියන එකට.

* එතන මුලින්ම එනව Recommended කියල එකක් ඒකෙන් පුලුවන් ඔයාගෙ ගිණුමට යම් ප්‍රශ්ණයක් උනොත් ආයෙ ගන්න ඔයාගෙ විශ්වාසම යාලුවෙක්ගෙ ගිණුමක් එකතු කරල තියන්න මොකද එතකොට අවශ්‍ය කේත ඒ ගිණුම හරහා ගන්න පුලුවන්.

* ඊට පස්සෙ එනව Where you’re logged in කියල එකක් අන්න ඒක ගොඩක් වැදගත්, මොකද එතන හැම වෙලේම පෙන්නනව ඔයාගෙ ගිණුමට මේ වෙලාවෙ මොන වර්ගයේ දුරකථනයක්ද / පරිගණයක්ද Log වෙලා ඉන්නෙ කියල. එතනදි ඔයාගෙ දුරකථන වර්ගය සහ Log වෙලා ඉන්න ප්‍රදේශය ආසන්න වශයෙන් පෙන්නනව. ඉතින් එතන බලන්න තියෙන්නෙ ඔයාගෙ දුරකථනයද / පරිගණකයද කියල. එහෙම නැත්නම් එතන යට තියනව LOG OUT OF ALL SESSIONS කියල අන්න ඒක Click කරල ඔයාගෙ ගිණුමේ Password වෙනස් කරන්න.

* ඊට පස්සෙ ඊට යටින් තියනව Two-factor authentication කියල එකක් අන්න ඒක තමා මෙතන වැදගත්ම දෙය. ඒකෙ යට තියන Use Two-factor authentication Click කරන්න. එතකොට උඩම එන Option එක On කරල නැත්නම් On කරල යට තියෙන Added Security වලට ඔයා භාවිතා කරන Phone Number එක දෙන්න. එතකොට කවුරු ඔයාගේ Email / Password ගත්තත් ලොග් වෙන්න හදද්දි ඔයගේ Phone එකට එවන කෙටි කේතය අවශ්‍යම වෙනව. ඉතින් මේකට දෙන Number එක හැම වෙලේම ඔයා ගාව තියාගන්න. ඒ Sim එක පිට කාට හරි ගියොත් මේ කිසිම දෙයකින් වැඩක් නෑ.

* ඊට පස්සෙ ඊට යට තියන Login Alert කියන එකත් On කරගත්තට කමක් නෑ.


ඉතින් මෙන්න මේ දේවල් තමා Personal Account එකකට බාවිතා කරන්න පුලුවන් ආරක්ෂක විදි විදාන.

ඊට අමතරව Facebook Page කරන Admin කෙනෙක්නම් හැම වෙලේම තමන්ගේ Page එකේ Admin පාර්ට් එක තව කීප දෙනෙක්ට දාන්න ඊට අමතරව Business Manager එකකට Page Add කරල ඒකෙත් Access දෙන්න තමන්ගෙ ලඟම තියන Email සහ අමතර Account එකකට. තව මේකෙ ආරක්ෂණ ක්‍රම ගොඩක් තිබ්බට පුද්ගලික ගිණුමේ ආරක්ෂාවට මේ හොඳටම ප්‍රමාණවත්.

ඉතින් මේ දේවල් එක පාරම දාන්න හිතුනෙ මම දැක්කා මිතුරන් කීප දෙනෙක්ටම මේ Phishing නිසා තමන්ගේ Facebook ගිණුම් වෙන අය අතට ගිහිල්ලා තියෙනව.
ඉතින් මේ තොරතුරු වැදගත් වෙයි කියල හිතනවනම් අනිත් අයටත් බලන්න Share කරන්න.

Prasanna Disanayake
Inflixe Technologies

Leave a Reply